පැමිණිලි, යෝජනා තිබුණත් තවමත් එකතැන දුවන කෝච්චිය

පෙබ 22, 2020

    රටක සංවර්ධනයට වැඩ කරන ජනතාවගේ කාර්යක‍ෂමතාව තීරණාත්මක සාධකයක්. එවැනි සේවාවක් සැලසීමට යටිතල පහසුකම් නිසියාකාරයෙන් සපුරාදීම බලධාරීන් සතු වගකීමක්.
    පැමිණිලි හා යෝජනා කොතරම් ඉදිරිපත් කළත්, කාර්යක්‍ෂම නොවන සේවාවක් පිළිබඳවයි මේ....

    මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ දුම්රියට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් දෛනිකව එහි සේවය ලබාගන්නවා. විශේෂයෙන් රැකියා සඳහා කොළඹ නගරයට පැමිණෙන වැඩි දෙනෙකුගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රියයි. එම නිසා දුම්රිය සේවාව කාර්යක්‍ෂම වනු දැකීම කාගේත් අපේක්‍ෂාවයි. එහෙත් දුම්රිය ගමනා ගමනයේ දී සේවාවකට වඩා මහත් පීඩාවකට පත්වීමට සිදුව ඇති බව ජනතාව පවසනවා.

    ඔවුන්ගේ අපේක්‍ෂාව, කාර්යාල දුම්රිය හෝ මගී ජනතාවට නිසි සේවාවක් සැපයෙන ආකාරයෙන් ක්‍රියාත්මක වනු දැකීමයි.පවතින දුම්රිය ප්‍රමාණවත් නොවීම නිසා ජිවිත අවදානම ද නොතකා දුම්රිය දොරටුවල පවා එල්ලී යාමට ජනතාවට සිදුව තිබෙනවා. ඔවුන් විඳින පීඩාව කොතරම්ද යන්න එයට කදිම සාධකයක්.

    මෙවැනි ගමනක දී දුම්රිය තුළ කාන්තාවන්ට සිදුවන අතවර සම්බන්ධ පැමිණිළිවලද අඩුවක් නැහැ. ගැට කපන්නන් ද දුම්රිය තුල සිය රැකියාව කරමින් සිටිනවා. ඉඩ පහසුකම් නොමැතිවීමෙන් ඇතමෙකු වැසිකිලියේ ද ගමන් කරන ආකාරය දැකිය හැකියි.
    ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමට ඇහුන්කන්දීම දුම්රිය බලධාරීන් සතු වගකීමක්. දුම්රිය සේවාව යාවත්කාලීන කිරීමේ වගකීම ද නොපමාව කළ යුතුයි.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 10:56

    Latest News