කඩවත කොස්තාපල්, ඝාතකයන් අද අධිකරණයට

පෙබ 22, 2020

    කඩවත පොලිස් ස්ථානයේ කොස්තාපල් රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) පන්නල අධිකරණයට ඉදිරිපත් කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 හා 20 වයස්වල පසුවන වෙරලුගම,වත්තල හා යක්විල පදිංචිකරුවන් වෙයි.
    ඊයේ (21) අළුයම කාලයේ දී ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව දිවා කාලයේදී මෙම පැහැරගෙන යාමට භාවිත කළ ත්‍රීරෝද රථයක් හා තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනිණ. අපරාධය සඳහා යොදා ගත් යකඩ කඩු දෙකක්, ජංගම දුරකතන 5ක් ද සොයා ගැනිණ.

    පසුගිය 17 වැනි දින මෙම පොලිස් කොස්තාපල් රියදුරු පැහැරගෙන ගොස් ඇති බවට ලද තොරතුරු මත කැලණිය අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරිණ. අනතුරුව 21 වැනි දින පන්නල,වේරහැර, බුළුගොඩ ප්‍රදේශයේ දී ඝාතනයක කර තිබියදී පැහැරගත් නිලධාරියාගේ මෘත ශරීරය සොයා ගැනිණ.

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 09:53

    Latest News