නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අල්ලයි

පෙබ 22, 2020

    යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්. ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2,450 ක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ.

    වයස අවුරුදු 33 ත් 46 ත් අතර වයසේ පසුවන ඔවුන් ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම පුද්ගලයින් හා උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුත කෙරිණ.

    Latest News