තහනම් දැලෙන් මාළු ඇල්ලූ 15කට මාංචු

ජන 09, 2020

    මොල්ලිකුලම් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    ඩිංගි යාත්‍රා 03ක් හා දැල් 03ක් ද ඔවුන් සමග නිලධාරී භාරයට ගැනිණ. ඔවුන් අවුරුදු 22 හා 45 වයස්වල පසුවන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම පුද්ගලයන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාරදී තිබේ.
    නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබනු ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 07:52

    Latest News