විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක දෝෂයක්

මැයි 10, 2023

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.

    මේ නිසා එම අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කෙරෙන විභාග සහතික ඇතුළු ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙනතුරු සීමා කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සුමටව සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අතරම, පද්ධතිය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යාංශය නිවේදනය කරනවා.

    Latest News