විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනාවලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය මත, ඉදිරියේ දී ආපසු සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන්, ඊයේ (06) විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කරන ලදී.

චීන-ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කාලෝචිත හා ප්‍රයෝජනවත් බවත් අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුන් යිං මහත්මිය ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමග එක්ව කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.

සංචාරක හා වෙනත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව දිවයිනෙන් බැහැරවීම සඳහා විදේශ අමාත්‍යාංශය කඩිනම් පියවර ගෙන තිබේ.

යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත අමෙරිකාව පනවා ඇති සංචාරක තහනම පිළිබඳව කරුණු විමසීමට මෙරට අමෙරිකානු තානාපතිවරිය විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබේ.

මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

Latest News