ලංගම ආදායම ඉහළට...තවත් 2000ක් රථ ඇණියට

පෙබ 13, 2020

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝවල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.

    මේ වසර තුළ පහත් පතුල් සහිත බස් රථ දෙදහසක් ලංගම බස් රථ ඇණියට එක් කිරීමටයි, රජය තීරණය කර ඇත්තේ. මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් ඩිපෝ සංඛ්‍යාව 107ක්. ඉන් බස් ඩිපෝ 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් රුපියල් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ.

    ඒ අනූව, ඉකුත් මාසය තුළ එක් ඩිපෝවකින් උපයා ඇති ආදායම රුපියල් ලක්ෂ 45ක්. තවත් අලුතින් බස් රථ 500ක් මිලදී ගැනීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංගම සතු බස් රථ සංඛ්‍යාව 7,000ක්. ලංගමයේ පවතින රියදුරු හා කොන්දොස්තරවරුන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින්. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 09:48

    Latest News