ඔබේසේකරපුර නැවත පදිංචිකරුවන්ට මූල්‍ය චෙක්පත්

පෙබ 13, 2020

    රාජගිරිය,ඔබේසේකර නැවත පදිංචි කෙරුණු නිවාසලාභීන්ගේ ආදායම් මාර්ග බිඳ වැටීම සිදුවූ පවුල් ඒකකවලට සහ අවදානමට ලක්වීමේ වැඩි ඉඩකඩක් ඇති පවුල් ඒකක සදහා ඊයේ මූල්‍ය චෙක්පත් ප්‍රදානය කෙරිණ. 

    ඒ බත්තරමුල්ල නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනූව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2010 වසරේදී.

    මේ වන විට නිවාස ඒකක 15,855ක් ඉදිකර ප්‍රදානය කර තිබේ. එම ව්‍යාපෘතියේ තෙවැනි අදියර යටතේ පවුල් ඒකක 5500ක් සඳහා අක්කර 115ක භූමි ප්‍රදේශයක තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයන්නේ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවයි. පවුල් ඒකක 15ක් සඳහා පිරිනැමුණු මූල්‍යමය චෙක්පත්වල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි. චෙක්පත් ප්‍රදානය කෙරුණේ, රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 11:32

    Latest News