කළුතරට ළඟදීම පරිසර උද්‍යානයක්

පෙබ 09, 2020

    කළුතර,නුගගොඩ ප්‍රදේශය පරිසර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. අක්කර 104ක භූමි ප්‍රමාණයක එම උද්‍යානය ඉදිකිරීමට නියමිතයි.

    නුගගොඩ,වස්කඩුව සහ දෙදියවල යන ප්‍රදේශවල කිරිමැටි නිදියක් පිහිටා තිබේ. වසර ගණනාවක සිට නොයෙකුත් පුද්ගලයන් විසින් කිරිමැටි හෑරීම හේතුවෙන්, එම ප්‍රදේශයේ විශාල මෙන්ම ගැඹුරු වලවල් දැකගත හැකියි. ඊට පිළියමක් ලෙසයි එම ප්‍රදේශය පරිසර උයනක් ලෙස සංවර්ධනය කෙරෙන්නේ. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    මෙහි අලංකාර පැළෑටි සහ මල්වලින් පිරි පොකුණු 99ක් ස්ථාපනය කිරීමට ද නියමිතයි. ඇවිදින මංතීරු,බෝට්ටු සවාරි මෙන්ම ගිමන්හල් ද පරිසර උයන තුළ ඇති කරන බවයි, රාජ්‍ය අ මාත්‍ය ජයන්ත සමරවීර මහතා කියා සිටියේ.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 11:06

    Latest News