යක්කල පොල්තෙල් කම්හලක් ගිනිබත්

පෙබ 09, 2020

    යක්කල,බෙම්මුල්ල ප්‍රදේශයේ,පොල්තෙල් අපනයන කම්හලක ගින්නක් හටගෙන තිබේ.

    අද අලුයම හටගත් ගින්නෙන්, එම කම්හල මුළුමනින්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ගින්නෙන් විනාශ වූ නිෂ්පාදනවල වටිනාකම,මෙතෙක් ගණනය කර නොමැත. ගම්පහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 10ක් පමණ යොදාගෙන ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළේය. ඒ සඳහා පොලීසිය සහ යුද හමුදාවේ ද සහය යොදාගෙන තිබේ. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 16:45

    Latest News