“කොරෝනා“ සැක රෝගීන් 172ක් ගැන පරීක්‍ෂණ කළා; වෛද්‍ය සුදත් සමරවීර

පෙබ 09, 2020

    සෞඛ්‍ය අමාත්‍යාංශය, වගකිව යුතු ආයතන සමඟ එක්ව මෙහෙයවනු ලැබූ ක්‍රියාදාමය හේතුවෙන් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරීම මේ දක්වා පාලනය කිරීමට හැකිවූ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 14කදී කොරෝනා වෛරසය ආසාදිත බවට සැක රෝගීන් 170 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා තිබේ. රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ චීන ජාතික කාන්තාවකට පමණි. ඇයද මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවේ. රෝගය සුවවුවත් තවමත් ඇය පසුවන්නේ, වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණය යටතේ. වූහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සුවෙන් සිටින බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    වෛද්‍ය සුදත් සමරවීර මහතා...

    “ශ්‍රී ලංකාවට පැමිණි, ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් සහ රැකියා සඳහා පැමිණි විදේශිකයින් 1600කට අධික ප්‍රමාණයක් රට පුරාම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුන් හරහා මේ අවස්ථාව වනවිට විමර්ශනය කරමින් පසුවිපරම් කරමින් තිබෙනවා. වාර්තා වෙලා තියෙන්නේ මේ දක්වාම එක් රෝගියෙක් පමණයි. ඊට වඩා ලංකාවට රෝගීන් වාර්තා නොවුනේ ඒ වගේ රෝගීන් ලංකාවට පැමිණිම සිදු නොවිච්ච නිසා. යම් කිසි විධියකින් ලංකාවට රෝගියෙක් පැමිණියොත් වහාම හඳුනාගැනීම සඳහා අවශ්‍ය කරන පෙර සූදානම අපි ක්‍රියාත්මක කරලා තියෙනවා“ යැයි වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    Latest News