පුත්තලම කුණු බක්කියක් නොකරන්න - හලාවත රදගුරු

දෙසැ 11, 2018

    ජනතාවට හිතකර නොවන පුත්තලම, අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීම වහාම නවතා දමන ලෙස හලාවත පදවියේ රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණනන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    රදගුරු හිමිපාණන් මේ අදහස් පල කළේ පුත්තලම කළපු තීරයේ කතෝලික සභාව මගින් අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීම නවතා දමන ලෙස සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනට හා ජනතාව දැනුවත් කිරීම රැලිය අමතිමින්.


    වැඩිදුරටත් අදහස් දැක්වූ රදගුරු හිමිපාණන්..

    මේ  ව්‍යාපෘතිය පිළිබඳ පුංචි බබෙකුට වුව ද තේරෙනවා මේ වැඩෙන් කෙතරම් පරිසර හානියක් සිදුවෙනවා ද කියලා. ඉතින් අපිට තේරෙන මේ කටයුත්තු මේ ඉංජිනේරුවන්ට තේරෙන්නේ නෑ.

    වර්ෂා කාලයට වැහි වතුරෙන් මේ කුණු වලවල් පිරෙනවා කිව්වම කියනවා ඒ වට මෝටර් දලා ජලය ඉවත් කරනවා කියලා. මේ වන විට ජනතාව ලොකු රැවටීමක දලා තියෙනවා. මා මේ වගකිවයුතු සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ජනතාව තවදුරටත් බොරුවෙන් රවටන්නේ නැතිව ජනතාව අමාරුවේ දාන්න නැතිව මේ වැඩේ නවතා දමන්න කියලා. මේ සදහා සුදුදු විකල්පයකට යන්න කියලා. ඉන්දියාව අපිට වඩා ජනතාව ඉන්න විශාල රටක්. ඒ අය මේ කසළ නිසි ලෙස කළමණාකරණය කර තිබෙනවා. මෙ වගේ ව්‍යාපෘති තුලින් ජන ජීවිතය විනාශ කරන්න , පරිසරය විනාශ කරන් අපිට ඉඩ දෙන් බෑ.

    මේ ඉදිකිරීම් සම්බන්ධ සකසා ඇති වාර්ථාවේ බොරු ගොඩාක් තියෙනවා. ගම් 07 ක 5000 - 6000 විතර ජනතාව ඉන්නවා. ඔය කියන කුණු අංගනය ඉදලා සුන්දර පුත්තලම කළපුවට ඇත්තේ මීටර් 150 යි, පුත්තලම දිස්ත්‍රික්කයටම සම්පත් වූ කළා ඔය මුහුදට ගලා බසින්නේ ද ගගේ වාඩියෙන් එයින් මුළු පුත්තලම බීමට ජලය ලබාගන්නවා. ඒ නිසා මේ ජල සම්පත විනාශ කරන්න යන්නේ කාගේ උවමනාවකට ද කියලා ගැටළුවෙක් තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය තුල බෞද්ධ, කතෝලික, ස්ලාම්, හින්දු අය හොදට සමගියෙන් ඉන්නවා. රටේ තියෙන කුණු පුත්තලමට ගෙනත් දලා කුණු බක්කියක් කරන්න එපා.

    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 12:02

    Latest News