ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.
සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත. බරපතල අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් ඔවුන් අතර නොවෙති.
මේ වසරේ ජනවාරි 31 වැනිදා වන විට බන්ධනාගාරය තුළ රැඳී සිටි සිරකරුවන්ට සමාව හිමි වන අතර එය අද (04) සිට බලාත්මක වේ.