නිදහස් සමරු උළෙල දින රුක්රෝපණ වැඩසටහනක්

පෙබ 04, 2020

    නිදහස් සමරු උළෙල නිමිත්තෙන් රුක්රෝපණ වැඩසටහනක් ද අද සිට ක්‍රියාත්මකයි.

    "නිදහස් සමරු උළෙල - හරිත සංකල්පය" පෙරටු කර ගනිමින් ව්‍යාපෘතිය සංවිධාන කෙරිණ. වැලිමඩ,කලබුලුලන්ද,දාබුගස්කඳුර රක්ෂිතයේ දී රුක්රෝපණ වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ, මීට සමගාමීවයි. අක්කර 12කින් යුත් මෙහි මි පැල හා කුඹුක් පැල රෝපණය කෙරිණ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම රුක්රෝපණ වැඩසටහන සංවිධාන කළේය.

    අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කළ රුක්රෝපණ වැඩසටහනක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පැවැත්විණ. එහිදී, අම්බලන්ගොඩ මානාන ක්‍රීඩාංගණය අවට මී පැල රෝපමණය කිරීම සිදු කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 12:06

    Latest News