හේමසිරි හා පූජිත් ලබන 5 දක්වා යළි රිමාන්ඩ්

පෙබ 03, 2020

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය මේ මස 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි. කේ. කාහියන්ගල මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් මේ මස 05 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්නේය.

    ඒ අනුව මෙම නඩුව ද මේ මස 05 වනදා පස්වරුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසයි එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නඩුව නැවත ලබන පස් වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 15:09

    Latest News