අධික වේගය තිදෙනෙකුට මරු කැඳවයි

මාර් 25, 2019

    රාගල, වලපනේ,මහඌව ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

    සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. බස් රථයේ ගමන්ගත් සෙසු මගීන් 47 දෙනාද තුවාල ලබා තිබේ. විනෝද චාරිකාවක් සඳහා නුවරඑළිය බලා යමින් සිටිය දී බස් රථය මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

     එම අවස්ථාවේ බස් රථයේ 62 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාල ලැබූවන් නුවරඑළිය පර්යන්ත රෝහලට ඇතුළත් කෙරිණ. බස් රථයේ අධික වේගය අනතුරට හේතුව වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ. අනතුර සිදුවූ ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියක ද සටහන්ව තිබිණ.

     

    Last modified on සදුදා, 25 මාර්තු 2019 08:45

    Latest News