චීනයේ ඉදිකළ නව රෝහලට අද ජනතා අයිතියට

පෙබ 03, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 361 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිත පුද්ගලයින් 17,000කට අධික බවයි වාර්තා වන්නේ.

    කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ හුෂෙන්ෂාන් හි ඉදිකළ නව රෝහල අද සිට ජනතාවට විවෘතව පවතියි. ඇඳන් දහසකින් සමන්විත එම රෝහල දින 08ක් තුළ ඉදිකිරීම් කැපී පෙනේ. කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටත මියගිය පළමු පුද්ගලයා ඊයේ වාර්තා විය. ඒ පිලිපීනයට. 44 හැවිරිදි ඔහු චීන ජාතිකයෙක් වන අතර, ඔහු පිලිපීනයට පැමිණීමට පෙර වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනූව, චීනයෙන් පිටත මේ වන විට රෝගීන් 150කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ. බොහෝ රටවල් චීනයෙන් විදේශිකයන් පැමිණීම තහනම් කර ඇති අතර, ඔවුන්ගේ පුරවැසියන් නැවත සිය රට වෙත නිරෝධාන ක්‍රියාවලියකින් අනතුරුව ඇතුළු කර ගැනීමට කටයුතු කරමින් සිටියි. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ මේ වන වෛරස් ආසාදිතයන් බවට සැකකරන පුද්ගලයින් 21,558 දෙනෙක් ද, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්
    එක්ලක්ෂ පනස් දෙදහස් හත්සිය දෙනෙක් ද සිටින බවයි.

    එසේම, ප්‍රතිකාරවලින් සුවලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස් 475 දෙනෙකු ලෙස අදාළ සංඛ්‍යාලේඛනවල වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත්, චීන දේශ සීමා සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු නොකරන්නේ නම් හොංකොං රෝහල් සේවකයින් වැඩ වර්ජනයකට නිරත වීමට සූදානම් බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හොංකොං බලධාරීන් අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනූව කටයුතු කිරීමට අවශ්‍ය බැවින්ය. 2003 වසරේ දී සාර්ස් වෛරසය ආසාදිත පුද්ගලයින්ට වඩා වැඩි ආසාදිත පිරිසක් කොරෝනා වෛරසයෙන් වාර්තා වන නමුත්, කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මෙතෙක් සාර්ස්
    වෛරසයෙන් මියගිය පිරිස අභිබවා නොමැත. කෙසේ වුවත්, ලොව කිසිඳු රටක් මෙතෙක් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා ගැනීමට සමත් වී නැති බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 07:41

    Latest News