සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට ප්‍රජා පාදක ගම්මාන 07ක්

ජන 24, 2020

    සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කෙරේ.

    මේ වසර අවසන් වීමට පෙර මෙම ගම්මාන 07 ස්ථාපිත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන ලෙස සංවර්ධනය කිරිමට තෝරාගෙන ඇති ගම්මාන වේ.

    මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.06 ක ප්‍රතිපාදන කොරියානු රජයෙන් ලැබි ඇත.

    මෙම ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට සංස්කෘතිමය අත්දැකිම් ලබා ගැනීමට ඉඩකඩ සැලසෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මේ වනවිට ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතාවය වී ඇත්තේ අතුදැකීම් ලබා ගැනීමයි...... රණතුංග මහතා පවසයි.

    මේ අනුව තෝරාගත් ගම්මාන වල යටිතල පහසුකම් සංචාරක ක්ෂේත්‍ර යට ගැළපෙන පරිදි සංවර්ධනය කෙරේ.

    මෙරට සංස්කෘතික හා සමාජ හර පද්ධති වලට කිසිදු ගැටළුවක් මතු නොවන ආකාරයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස අදාළ බළධාරින්ට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා කියා සිටී.

    Latest News