කොරෝනා ආසාදිත බවට සැකසහිත රෝගීන් 71 ක් සතියක් තුල IDH රෝහලට

පෙබ 02, 2020

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙන බව, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

    එම පිරිසෙන් වෛරසය සැබැවින්ම ආසාදනය වී ඇති බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් එක් අයෙකු පමණයි සහතික කර තිබේ. එම කාන්තාවගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසයි.

    නව කොරෝනා වෛසරය ආසාදිත සහ ආසාදිත බවට සැකකරන රෝගීන් වැඩිම ප්‍රමාණයක් දැනට ප්‍රතිකාර ගනු ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙනි. වසර 200 පමණ ඉතිහාසයක් ඇති එම රෝහල වාට්ටු 10 කින් සමන්විත වේ.

    හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය සායන, එක්ස් රේ ඒකක වලින් ද යුක්ත මෙම රෝහල මගින් සිදුකරන කොරෝනා රෝගී ප්‍රතිකාර සේවාවන් හි වර්තමාන තත්ත්වය පිළිබද කරුණු දැක්වූ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා....

    “නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙනවා. එම පිරිසෙන් වෛරසය සැබැවින්ම ආසාදනය වී ඇති බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් එක් අයෙකු පමණයි සහතික කර තිබෙන්නේ. එම කාන්තාවගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පවසනවා. දෙපාර්තමේන්තුවක් විදිහට එය අප ලබපු ජයග්‍රහණයක්. මෙම සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කරන “A” කළණ ඒකකයේ රෝගීන් 09 ක් ප්‍රතිකාර ලබනවා. වෛරසය වැළැදී ඇති බවට තහවුරු කළ චීන ජාතික කාන්තාවත් සමග ශ්‍රි ලාංකිකයින් 05 ක් සහ අනෙක් අය විදෙස් ජාතිකයින් වනවා.”

    “රෝහලේ බාහිර රෝගී අංශය ඇතුලු අනෙක් සියලු අංශ සායන, නේවාසික වාට්ටු ඇතුලුව සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වනවා. විවිධ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බාහිර රෝගී අංශයේ රෝගීන්ගේ සහ නේවාසික රෝගීන්ගේ ඇතුලත්වීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එසේ වුවත්, වාට්ටු නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, සායන සදහා විවෘතව තිබෙනවා. අද දවසෙත් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවාවන් සදහා රෝගීන් සහභාගි වෙලා තිබෙනවා. විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු වෛද්‍ය, හෙද, පරිපුරක හා අතුරු වෛද්‍ය, කණිෂ්ඨ කාර්ය මණ්ඩල, ගිවිසුම්ගත සේවා සපයන ආරක්ෂක සේවය ඇතුළත්ව සියළු කාර්ය මණ්ඩල වෙනදාටත් වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව මේ අවස්ථාවේ රට වෙනුවෙන් සේවය කරනවා. කණිෂ්ඨ කාර්ය මණ්ඩල විසින් සිදු කරනු ලබන සේවාව ද අප ඇගයීමට ලක් කළ යුතුයි. කිසිදු දීමනාවක් බලාපොරොත්තු නොවී ඔවුන් වෙනදාටත් වඩා කැපවීමෙන් හා උනන්දුවෙන් සිය රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා.”

    මෙම රෝහල වසර 200 ක පමණ ඉතිහාසයක් තිබෙන රෝහලක්. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට රෝගීන් ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය සියලු දේ ඖෂධ, ආරක්ෂිත ඇදුම්, උපකරණ, අපට ලබාදී තිබෙනවා.

    HMU 4169

    HMU 4187

    HMU 4192

    HMU 4270

    HMU 4302

    HMU 4372

     

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 12:43

    Latest News