කොරෝනා වසංගතයට එරෙහිව සටන් කළ හැකි බව චීනය කියයි

ජන 31, 2020

    නව කොරොනා වෛරස වසංගතයට එරෙහි සටනින් ජයගැනීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් මහත්මිය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා වෛරසය පිළිබඳ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇය මේ බව සඳහන් ක‍ළාය.

    වෛරසය පැතිරීම ආරම්භ වීමත් සමග චීන රජය එය පාලනය සඳහා වඩාත් දැඩි පියවර ගත් බව එම ප්‍රකාශිකාව පවසයි.

    මෙම බොහෝ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි නිර්ණායකයන් ගෙන් ද ඔබ්බට ගොස් ඇත.

    චීනය‍ වෛරසය පිළිබඳ දත්ත අදාළ පාර්ශ්ව සමග හුවමාරු කරගනිමින් වඩාත් විනිවිද ආකාරයෙන් මෙන්ම වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් සිටින බව ද හුවා චුන්යින්ග් මහත්මිය සඳහන් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය හා බොහෝ රටවල් ඒ පිළිබඳ ප්‍රසාදය පළ කර ඇත.

    කලාපීය හා ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෙසු රටවල් සමග අඛණ්ඩව ක්‍රියා කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා‍ව පැවසුවාය.

    Latest News