වෝහාරික විගණනයේ පෙර වාර්තාවල ඇමුණුම් පාර්ලිමේන්තුවට

ජන 31, 2020

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳ, විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව කළ වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා පහට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලීමේන්තුවට ලැබී තිබේ.

    මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ, අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොතිබිණි.

    ඒ අනුව එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් කළේය.

    කතානායක කරූ ජයසූරිය මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මහබැංකු අධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකළ අතර අදාළ ඉල්ලීමට අනුව ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමෙන්තුව වෙත ලබාදීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

    අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර , මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 18 හා 19 යන දෙදින පැවැත්වීමට නියමිතය.

    Last modified on සිකුරාදා, 31 ජනවාරි 2020 11:56

    Latest News