ජන හා නිවාස සංගණනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජන 24, 2020

    ලබන වසරේ ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන 15 වන ජන හා නිවාස සංගණනය මෙය බවයි.

    මෙම සංගණනය සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිතියම් ගත කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර තිබේ.

    අවසන් වරට 2012 වසරේ පැවති ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය දෙකෝටි තුන්ලක්ෂ 59,439කි.

    එම සංගණනයට අනුව පුද්ගලයින් පදිංචි ගොඩනැඟිලි සංඛ්‍යාව පනස් දෙලක්ෂ 67,159කි.

    Latest News