ළමුන් 40000කට තොරතුරු තාක්ෂණ ඉංජිනේරු උපාධියක්

ජන 24, 2020

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පාසල්වල මහින්දෝදය විද්‍යාගාර කේන්ද්‍රකර ගනිමින් තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපාධියක් හඳුන්වාදීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබාගැනීමට නොහැකිවූ සිසුන් 40,000ක් සඳහා මෙම උපාධිය ලබා දීමට පියවර ගන්නා බවයි.

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඔහු එහිදී පැවසුවේ විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමටත් නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සහ විවෘත විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බැලීමත් මෙම සංචාරයේ අරමුණ වූ බවයි.

    2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

    Latest News