අඩු ආදායම්ලාභීන්ගේ රැකියා අයැඳුම්පත් ලබන 15ට පෙර දෙන්න

ජන 24, 2020

    අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා වන අයදුම්පත‍්‍ර පෙබරවාරි 15 වැනි දිනට පෙර ග‍්‍රාම නිලධාරීවරුන්ට භාර දිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

    එම කාර්යාලය සඳහන් කළේ අදාළ අයදුම්පත් ජනවාරි 20 වැනිදා පුවත්පත්වල පළ කළ අතර එම ආකෘතියට අනුව අයඳුම්පත් සකස් කළ යුතු බවයි.

    පසුව එය ග‍්‍රාම නිලධාරීවරයා විසින් සහතික කර ලබන මස 20 වැනිදාට පෙර ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත භාර දිය යුතුය.

    අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18 - 45 අතර රැකියා විරහිත පිරිස් මේ යටතේ රැකියා සඳහා බඳවා ගැනීමට නියමිතයි.

    බහුකාර්ය සංවර්ධන කාර්ය බලකාය විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා වෙනත් පොදු ස්ථානවලදී ලබන මස 26 වැනි දින සිට දින පහක කාලයක් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා සුදුස්සන් තෝරා ගනු ඇත.

    තෝරාගත් අයදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපි ප‍්‍රාදේශීය ලේකම් හා ග‍්‍රාම නිලධාරිවරයා ලබා දෙන අතර පුහුණුවීම් මාර්තු මස 02 වැනිදා ආරම්භ වේ.

    පුහුණු කාලය තුළදී ඔවුන්ට මසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවන අතර ඔවුන් ඔක්තෝබර් මස 1 වැනිදා සිට විශ‍්‍රාම වැටුපට ද හිමිකම් කියයි.

    Latest News