2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අරමුදල මඟින් වාර්ෂිකව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 31 දක්වා දීර්ඝ කෙරේ.

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනට අදාළ අයදුම්පත් භාරගැනිම ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා වන අයදුම්පත‍්‍ර පෙබරවාරි 15 වැනි දිනට පෙර ග‍්‍රාම නිලධාරීවරුන්ට භාර දිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

Latest News