රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත් භාරගැනිම 20වනදා දක්වා

පෙබ 08, 2020

    රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනට අදාළ අයදුම්පත් භාරගැනිම ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

    රැකියා අපේක්ෂකයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාලවල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

    අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර, මෙම වසරේ ජනවාරි 01 වනදා වනවිට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි යුතුයි.

    Latest News