කුවේට්හි ගෘහසේවිකාවන් 52ක් යළි දිවයිනට

ජන 23, 2020

    කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි මෙරට ගෘහසේවිකාවන් 52 දෙනෙකු අද උදේ යළි දිවයිනට පැමිණියේය.

    ඒ සඳහා මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහය ලැබී තිබේ. ගෘහසේවිකාවන් ලෙස සේවය කිරීමට කුවේට් බලා පිටත්ව ගිය මේ පිරිසට එහිදී විවිධ අසාධාරණයන්ට ලක්වීමට සිදුවූ බවයි, වාර්තා වන්නේ.

    වැටුප් නිසි පරිදි නොගෙවීම,හාම්පුතුන්ගේ නිවෙස්වල දී තාඩන පීඩනවලට ලක්වීමට සිදුවීම ආදී කරුණු හේතුවෙන් එම කාන්තාවන්ට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය සළසා තිබිණ. අද උදේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි පිරිසට නිවෙස් බලා යාමට අවශ්‍ය සියලු පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සපයා තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 11:23

    Latest News