මුතුරාජවෙල අනවසර වැලි ගොඩදැමීමක් ගැන පැමිණිල්ලක්

ජන 23, 2020

    මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසළ බැහැර කිරීමට අමතරව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන බවට ප්‍රදේශවාසීන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

    එම වනාන්තර කලාපය තුළට කැලිකසළ බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබීය. ඒ සිසිර ද ආබෘ, ප්‍රීති පද්මන් සූරසේන හා ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ, අදාළ ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීමට අමතරව විවිධ පුද්ගලයින් විසින් නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩකිරීම සිදු කරන බවයි.

    වගඋත්තරකාර කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා තම සේවාදායකයා මුතුරාජවෙල ප්‍රදේශයට කසළ බැහැර කිරීමක් නොකරන බව අධිකරණය හමුවේ කියා සිටියේය. එම කසළ කෙරවලපිටිය ප්‍රදේශය දක්වා රැගෙන යන බවයි, ප්‍රකාශ කෙරුණේ. ඉදිරිපත් වී ඇති කරුණු අනූව පෙත්සම සමතයකට පත් කිරීමට හැකියාවක් නොමැති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ. ඒ අනූව මැයි මස 28 වැනි දින පෙත්සම යළි විභාගයට ගැනීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 11:54

    Latest News