නානුඔය - තේ වත්තක පුද්ගල ඝාතනයක්

ජන 20, 2020

    නානුඔය - ඩෙල්පොඩ් ක්ලාන්ටන් තේ වතු යායේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

    ඝාතනය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු සොයා නානුඔය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 11:05

    Latest News