සංචාරකයින්ගේ පැමිණිම ඉහළට

දෙසැ 08, 2018

    දිවයිනට විදෙස් සංචාරකයින්ගේ පැමිණිම ඉකුත් මාසයේ දී සියයට 16.8කින් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි දත්තවලට අනුව නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ අනූ පන්දහස් පන්සිය අසූ දෙකකි. පසුගිය වසරේ නොවැම්බර් මස සංචාරකයන් එක් ලක්‍ෂ හැට හත් දහස් පන්සිය එකළොස් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    එම වසරට සාපේක්‍ෂව සංචාරකයින්ගේ පැමිණිමේ පැහැදිලි වර්ධනයක් මෙවර දක්නට ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. එහි දත්තවලට අනුව, මේ වසරේ නොවැම්බර් 30 වැනි දින වනවිට විසි ලක්‍ෂය ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    එය ඉකුත් වසරේ එම කාලසීමාවට සාපේක්‍ෂව සියයට 11.2ක වර්ධනයකි. ඉකුත් මස වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. බ්‍රිතාන්‍යයෙන් සහ චීනයෙන් ද සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ.

    ඒ අනුව පවතින දේශපාලන වාතාවරණය මත සංචාරක ව්‍යාපාරය කඩා වැටී ඇති බවට ඇතැම් දේශපාලනඥයන් මතුකරන තර්ක පිළිගත නොහැකි බව ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News