දේශපාලන නොසන්සුන්තාවේ විසඳුම් දුරස්වීම - ජනපති

දෙසැ 08, 2018

    දේශපාලන අර්බුදය අධිකරණය දක්වා ගෙන නොගියේ නම්, කෙටි කලකින් එය විසඳා ගැනීමට හැකිව තිබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඉංග්‍රීසි පුවත්පතකට අද සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා - “මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මිල ගණන් කැඳවීම් කළානේ. ටෙන්ඩර් දැම්මා වගේ මම හිතන්නේ. මම පුද්ගලිකව දන්නවා සමහර අය මිලියන් 500 ඉල්ලුවා කියලා මට දැනගන්න ලැබුණා. මම මගේ දේශපාලන ජිවිතයේ මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටවත් දීලත් නැහැ, දෙන්න කතාකරලත් නැහැ, දෙන්නෙත් නැහැ.

    මේ ප්‍රශ්නෙදී මම හිතන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයට 113 හදාගන්න බැරිවෙච්ච කාරණය වුණේ මිලගණන් ඉහළයාම. මේ උඩ තමයි මේ වගේ තත්වයක් ඇති වුණේ. අවුලක් ඇති වුණේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයට 113 හදාගන්න තිබුණ නම් මේ ප්‍රශ්නේ මාස එකහමාරක් මෙහෙම ඇදෙන්නෙත් නැහැ, දේශපාලන අර්බුදයකුත් නැහැ. මෙහෙම දේශපාලන නොසන්සුන්තාවයකුත් නැහැ.

    පාර්ලිමේන්තුව විසිරිම පිළිබඳව එන නඩු තීන්දුවෙන් මේ නඩු ඔක්කොම ඉවර වෙනවා. මේ අර්බුදයක් ඉවර වෙනවා. එතකොට ඡන්දයකට යන්න පුලුවන් කියලා උසාවිය තීන්දු කළොත් ඡන්දයකට යනවා. මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි. එහෙම පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා එහෙම උසාවියේ තීරණයක් ආවොත් එහෙනම් පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුවක් කරන්න මම ඉඩ දෙන්න ඕනේ මම කැමති අගමැතිවරයෙක් පත්කර ගන්නවා“ යැයි ජනාධිපතිතුමා කියා සිටියේය. 

     

     

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 09:49

    Latest News