මේ වසරේ ජනවාරි මාසයේ දී සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ තිබේ. පෙබරවාරි මාසයේ දි පැමිණි 96,507 ත් සමග පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට සංචාරකයන් 178,834 දෙනෙක් පැමිණ ඇත. 2021 වසරේ දි මෙරටට පැමිණි සංචාරකයන් ගණන 194,495 කි. පෙබරවාරි මාසයේ දින 05 තුළ දෛනිකව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,000 ඉක්මවීම විශේෂත්වයකි.
මේ වසර තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එම සංඛ්‍යාව 28,818 කි. ඉන්දියානු සංචාරකයන් 24,495ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18,084 දෙනෙක්, ජර්මනියෙන් සංචාරකයන් 13,119 ක් සහ යුක්රේනයෙන් සංචාරකයන් 13,062 ක් පැමිණ ඇත.
මෙරටට සංචාරකයන් පැමිණිමේ දත්ත සළකා බැලිමේ දි පසුගිය සැප්තැම්බරයේ සිට සංචාරකයන් වැඩිවීමේ ක්රමික වර්ධනයක් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා පවසයි.
පසුගිය සැප්තැම්බර් මසයේ දි 13,547 ක්, ඔක්තෝම්බර් මාසයේ දි 22,771 ක්, නොවැම්බර් මාසයේ දි 44,294 ක් හා දෙසැම්බර් මාසයේ දි 89,506 ක් ලෙස මෙම පැමිණිම වාර්තා වී තිබේ.