සංචාරකයින්ගේ පැමිණීම යළිත් ඉහළට

අගෝ 17, 2022

    සංචාරකයින්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

    මේ මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 17,000කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි,එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ.

    බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල්, ඉන්දියාව හා කැනඩාව ඇතුළු රටවල්වලින් අදාළ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.මේ වනවිට දෛනික සංචාරකයින් 1,600 කට අධික සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙයි.

    ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවේ, පසුගිය මැයි මාසයේ දෛනික සංචාරකයින් සංඛ්‍යාව පැවතියේ 650ක් ලෙසයි. සංචාරකයින් මෙරටට ආකර්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

    Latest News