රත්නපුර රෝහල ගැන ඇමතිනියගේ නව සැලසුමක්

ජන 20, 2020

    රත්නපුර ශික්ෂණ රෝහල මෙරට දෙවැනි ප්‍රධානතම රෝහල බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඇය මේ බව කියා සිටියේ, රත්නපුර ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින්. රෝගීන්ගේ අභ්‍යන්තර සියලු රෝගී තත්වයන් පරීක්ෂා කළ හැකි යන්ත්‍ර 3ක් ඇතුළු උපකරණ රැසක් රෝහල වෙත පරිත්‍යාග කෙරිණ. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 300කට අධිකයි. අමාත්‍යවරිය මෙහිදී ශික්ෂන රෝහලේ වෛද්‍ය හා වෙද කාර්යා මණ්ඩලය සමග සාකච්ජාවක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 07:59

    Latest News