කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ වැඩ කොටසක් ජනාධිපතිතුමා කෙටි කලකින් ඉටු කර තිබෙනවා - අමාත්‍ය අමරවීර

ජන 04, 2020

    මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට කළ නොහැකි වූ වැඩ කොටසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා කෙටි කාලයක් තුළ ඉටු කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

    ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ අද(04) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස දී පැවති සමෘදි සංවර්ධන නිලධාරීන්ගේ සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ රැස්වීමක දීය.

    ඒ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර...

    “ජනාධිපතිතුමා කොච්චර වරප්‍රසාද අයින් කළා ද, වංචාවට දූෂණයට වැට බැන්ද ද, සුදුස්සන්ට සුදුසු තැන ලබා දෙන්න කොයි තරම් මහන්සි වුනාද, අමාරු ගමනක් එතුමා යන්නේ... සමහර වෙලාවට ඒ පක්ෂයෙන්වත් ඒකට උදව් ලැබෙන්නෙ නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු කොන්දේසියකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සියලුම ප්‍රගතිශීලී වැඩ සටහන් සඳහා උපරිම සහයෝගය ලබා දෙනවා. අපි මේ සියලුම දේවල් කළේ මේ රට ගොඩනගන්න. ඒ කටයුත්ත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනවා.

    මෙවර කවදාවත් නැති විදියට පාර්ලිමේන්තු සැසි වාරය විවෘත කළා. ඔබ මීට පෙර මේ වගේ උත්සව දැකල ඇති නමුත් මේ උත්සවය ඉතාමත් චාම් විදිහට සිදුකළා. ළඟ එන නිදහස් උත්සවයේ සම්පූර්ණ වියදමින් 30%ක් පමණ මෙවර අඩු කරල. වෙන ද ඒක කරන්නේ වියදම 30%කින් තව වැඩි කරලා. සියලුම අමාත්‍යාංශවලට උපදෙස් දීලා තියෙනවා සෑම වියදමක් ම සීමා කරන්න කියලා.” යැයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

    Latest News