කොළඹ සරසවියේ ගැටුමට අත්අඩංගුවට ගත් සිසුන්, 13 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

ජන 11, 2020
  • කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 12 දෙනෙක් 13 දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝග කරයි.

    පසුගිය 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මෙම සිසුන් 12 දෙනා පසුගිය 10 වැනිදා කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    එම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් විය. එම ශිෂ්‍යයන් ගැන විමසා බැලීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පසුගිය දා ජාතික රෝහලට පැමිණියේය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:03

    Latest News