ගැටුමට මුල්වූ සරසවි සිසුන් 12 දෙනාට ඇප

ජන 14, 2020

    කොළඹ විශ්විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 12 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

    පසුගිය 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මෙම සිසුන් 12 දෙනා පසුගිය 10 වැනිදා කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    එම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කොළඹ ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් විය. එම ශිෂ්‍යයන් ගැන විමසා බැලීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පසුගිය දා ජාතික රෝහලට පැමිණියේය.

    අත්අඩංගුවට ගත් 12 දෙනෙක් 13 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 11:53

    Latest News