ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වෑන් රථයක් ප්‍රපාතයට: තුනකට තුවාලයි

ජන 10, 2020

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගම්පොල දක්වා ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    තුවලකරුවන් වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම තුවාල කරුවන් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි වටවල පොලිසිය පැවසිය.

    අද (10) උදැසන 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිඩ්ජ් ශ්‍රී පාද මාර්ගයේ දියගල පළමුවන සැතපුම් කණුව ආසන්නයේදි වේ.
    වැන් රථයේ රියදුරාට නින්ද යාමත් සමග රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇත. අනතුරට පත් වැන් රථයේ හත් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

    vanaccident1 px 900 20 01 1

    ශ්‍රී පාද වන්දනාවේ එන වාහන රියදුරන් විවේක ගෙන වන්දනාකරුවන් රැගෙන ආපසු වාහනය ධාවනය කරවන ලෙස හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා ඉල්ලා සිටි. වන්දනාකරුවන් රැගෙන එන වාහන වල රියදුරන් ශ්‍රී පාද වන්දනාවට එකතුවිමෙන් මෙවැනි අනතුරු සිදු වන බව පොලිස් අධිකාරිවරයා කියා සිටි.

    Latest News