තිරිංග නොමැතිව 16 ක් රෝහලට යැවු වෑන් රථයක් (ඡායාරූප)

ජන 02, 2019

    වැන් රථයක් අනතුරට පත් විමෙන් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.

    රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වැන් රථයක් අනතුරට පත් වු සියලු දෙනා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති කේ.සි.ධර්මප්‍රිය මහතා පැවසිය. අද(02) 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් පෙට්රොසෝ වත්ත ප්‍රදේශයේදිය.

    තුවාලකරුවන් අතර කුඩා ළමුන්ද කිහිප දෙනෙකු සිටින බවත්, ඔහුන්ගේ තත්ත්වය බරපතල නොවන බව බගවනන්තලාව රෝහල පවසයි. අධික බැවුම් සහිත ප්‍රදේශයේ වැන් රථය ධාවනය වන අවස්තාවේ වැන් රථයේ තිරිංග ක්‍රියා විරහිත විම නිසා වැන් රථය ප්‍රධාන මාර්ගයේ පස් කන්ඩියක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටි. මෙම වැන් රථය අනතුරට පත් විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද පැයකට ආසන්න කාලයක් ඇණ හිට තිබුණි.

    accidenthaton1 px 900 19 01 02

    accidenthaton px 900 19 01 02

    accidenthaton5 px 900 19 01 02

    Latest News