කැලණි විහාර පෙරහැර නරඹන්න අගමැති එක්වෙයි

ජන 09, 2020

    ඓතිහාසික කැලණි රජමහා විහාර පෙරහැර මංගල්‍යයේ දෙවැනි ධාතු පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

    කැලණිය දුරුතු මහා පූජෝත්සවය ආරම්භ වුණේ පසුගිය නොවැම්බර් 1 වැනිදා. එතැන් සිට විවිධ ආගමික වැඩසටහන් රැසක් මේ දක්වා කැලණිය පුදබිම ආශ්‍රිතව පැවති අතර, අද පැවැත්වෙන මහ පෙරහැරින් පසු කැලණිය දුරුතු මහා පූජෝත්සවය අවසන් වෙයි.

    කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පුණ්‍යෝත්සවයට බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා හා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 07:59

    Latest News