කූඹීන් නිසා කරදර විදින හල්දුම්මුල්ල වැසියෝ

ජන 07, 2020

    හපුතලේ, හල්දුම්මුල්ල, වෑඑලිය ප්‍රදේශයේ පාසලට සහ නිවාස රැසකට කෘමීන් විශේෂයක් පැතිරීම නිසා ගම්වාසීන් ඉතාමත් අපහසු තාවකට පත්වී තිබේ.

    කොඩෙයියෝ නමින් හඳුන්වන මෙම කූඹි විශේෂ මීට මාස කීපයකට පෙර ආරම්භවී ඇති අතර මේ වනවිට වෑඑලිය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට ද බාධා එල්ලවී ඇත.

    ගස්වල විශාල ලෙස කූඩු සාදාගෙන තිබෙන අතර මේ දිනවල පවතින සුළඟත් සමඟ බිමට වැටී පාසල තුළට සහ නිවාස තුළට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සහ පාසලේ විදුහල්පතිවරයා පැවසුහ. මෙම කූඹීන් දෂ්ට කළ විට ඉතාමත් වේදනා සහගත බවත් නිරන්තරයෙන්ම පොලවේ සිටින බැවින් කුඩා ළමයෙක් බිම තැබීමට පවා අපහසු බව ප්‍රදේශවාසීහු පවසති.

    රාත්‍රී කාලයට මොවුන් විශාල ලෙස පැමිණෙන අතර දිවා කාලයේ අව්ව සමග නැවතත් සැඟවී සිටි.

    මහජන සෞඛ්‍යය පරීක්ෂක පැමිණ පාසලේ කූඹින් එලවීම සඳහා බෙහෙත් ලබා දි ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල නොමැති බව වාර්තාවේ. මෙම කූඹින් විශාල ලෙස පැතිරී යාම වලක් වන මෙන් ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටි.

    Latest News