වනඅලි ප්‍රහාරයකින් වැල්ලවායේ විහාරස්ථානයකට දැඩි හානි

ජන 07, 2020

    වැල්ලවාය,ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (7) සිදුවූ වනඅලි පහරදීමකින් විහාරස්ථානයට දැඩිලෙස හානි සිදු වී තිබේ.

    ඊයේ රාත්‍රි කාලයේ ගම්වැදුනු වන අලි අද උදෑසන 5.00ට පමණ මෙම පහරදීම සිදුකරඇති අතර ප්‍රහාරයෙන් විහාරස්ථානයේ ආවස ගෙට සහ ඉදිරිපස මඩුවකට දැඩි ආලාභ හානි සිදුවී තිබේ.

    වනඅලි විසින් පහරදීම සිදුකරන අවස්ථාවේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් වැඩවාසයකර සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූනවයෙන් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. මෙම ප්‍රදේශයට දීර්ඝකාලයක සිට වනඅලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර පසුගිය දින කිහිපය තුල පුද්ගලයන් දෙදෙනකුට වන අලි පහරදී තිබේ.

    එම නිසා ඔවුන් බරපතළ තුවාල ලබා මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර නිවාස, වගාවන් සහ දේපල රැසක් ද වනඅලි විසින් විනාශ කර තිබේ. මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    20200107 080226

    20200107 080154

    20200107 080145

    20200107 080249

    20200107 080259

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 09:30

    Latest News