නායක ගුවන් බට නුවන් ලහිරු දර්ශනගේ දේහය නිවසට

ජන 05, 2020

    පසුගිය තුන්වන (03) වන දින හපුතලේ සිදුවු ගුවන් යානා අනතුරින් මිය ගිය නායක ගුවන් බට නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ දේහය ඊයේ (04) රාත්‍රී 12.30 ට පමණ මාතර තෙලිජ්ජවිල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒම සිදු විය.

    දේහය රැගෙන ඒන මොහොත වන විටත් ප‍්‍රදේශවාසි විශාල ජනතාවක් මධ්‍යම රැදි සිටිබව අප වාර්තාකරු පවසයි. විවාහකයෙකු වු ඔහු මිය යන විට 30 වන වියේ පසු විය.

    2009 වර්ෂයේදි ආධුනික සෙබලෙකු ලෙස ගුවන් හමුදාවට බැදි ඇති අතර ජනවාරි පළමු වන දින අවසන් වරට සිය නිවසේ සිට වීරවිල ගුවන් හමුදා කදවුර වෙත සේවය සදහා වාර්ථා කොට ඇත. ඊයේ දින නැවතත් උත්සවයක් වෙනුවෙන් නැවත නිවසට පැමිණිමට නියමිතව තිබු බව ඥාතීන් පවසා සිටියහ. දේහය පිළිබද අවසන් කටයුතු හෙට (06) පවුලේ සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතය.

    Latest News