සහරාන් සිටි බවට පැවසෙන වනාතවිල්ලුව ලැක්ටෝවත්ත හදිසි පරීක්ෂාවක (ඡායාරූප)

ජන 05, 2020

    සහරාන් ඇතුළු පිරිසක් සිටි බවට පැවසෙන පුත්තලම,වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ඊයේ හදිසි පරීක්ෂාවට පක් කෙරිණ.

    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිලධාරීන් විසින්. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු කණ්ඩායමක් මෙම වත්තේ සිටි බවට පරීක්ෂණවල දී තහවුරු විය. ඒ අනූව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ ජනවාරි 16 වැනිදා එහි පරීක්ෂාවට ලක් කළේය.

    එය යළි ඊයේ පරීක්ෂා කෙරුණේ ලැක්ටෝ වත්තෙහි කිසියම් කැනීමක් සිදුකර ඇති බවට ලද තොරතුරක් මතයි. කිසියම් අයෙකු හෝ පිරිසක් මෙම වත්තට පැමිණ ගිය බවට එහිදී තොරතුරු අනාවරණය විය. එහි එක් ස්ථානයක කිසියම් කැනීමක් හා යාතිකාවක් සිදුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ. ත්‍රස්ත කණ්ඩායමට අයත් මුදල් තොගයක් මෙම ඉඩමේ වළදමා ඇති බවට පවතින සැකයමත යම් අයෙකු හෝ පිරිසක් කැනීම් සිදුකරන්නට ඇති බවටයි, විශ්වාස කෙරෙන්නේ.

    wanathawilluwalakto px 900

    wanathawilluwalakto2 px 900

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 15:06

    Latest News