ශ්‍රී ලංකාවට දීර්ඝ සති අන්ත වලින් පිරී ඇති 2020

ජන 03, 2020

    2020 වසර ශ්‍රී ලංකාවේ දීර්ඝ සති අන්ත නිවාඩු වලින් සමන්විත වසර බවට පත්ව ඇත.

    තවත් ලෙසකින් පවසන්නේ නම්, ශ්‍රී ලංකාවේ වැඩ කරන දින අඩුම හා දීර්ඝ සති අන්තයන් සහිත වසරක් ලෙස 2020 වසර හැඳින්විය හැකියි.

    රජයේ නිවාඩු 23 න් 14 ක්ම සිකුරාදා සහ සෙනසුරාදා දිනවල යෙදී ඇති අතර, බොහෝ රජයේ නිවාඩු සිකුරාදා සහ සඳුදා දිනවල වැටී ඇත.

    දුරුතු පුර පසළොස්වක පොහොය ජනවාරි 10 වැනි සිකුරාදාත්, මහා ශිව රාත්‍රි පෙබරවාරි 21 වැනි දිනත් යෙදී ඇත.

    මැදින් පුර පසළොස්වක පොහොය මාර්තු 9 වැනි සඳුදා දින යෙදී තිබේ.

    මහ සිකුරාදා අප්‍රේල් 10 වැනි දිනත්, සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 වැනි සඳුදා දිනත් වැටෙනු ඇත.

    වෙසක් පොහොය යෙදී ඇත්තේ, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයි.

    පොසොන් පොහොය ජුනි මස 5 වැනි සිකුරාදා දිනට යෙදී තිබේ. නිකිනි පුර පසළොස්වක පොහොය අගෝස්තු මස 3 වැනි සඳුදා වේ.

    මොහොමඩ් නබිතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 30 වැනි සිකුරාදා යෙදී ඇත. නත්තල් නිවාඩුව දෙසැම්බර් මස 25 වැනි සිකුරාදා දිනට යෙදී තිබේ.

    මීට අමතරව 2020 දින දර්ශනයට අනුව නවම්, ඇසළ සහ ඉල් පොහොය සෙනසුරාදා දිනවල යෙදී ඇත.

    මෙය පසුගිය වසරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි.

    රජයේ නිවාඩු දින 23 න් 09 ක්ම සති අන්තයේ වැටී ඇත.

    Latest News