වාහන බලපත්‍ර වෛද්‍ය සහතික දැන් රජයේ රෝහල්වලින්

ජන 02, 2020

    රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී සහ අලුත් කිරීමේ දී සැහැල්ලු වාහන බලපත්‍ර සඳහා අවශ්‍ය වන වෛද්‍ය සහතිකය ඉදිරියේ දී රජයේ රෝහල්වලින් ලබාගැනීමේ අවස්ථාව සැලසීමට, නියමිතයි.

    එම වෛද්‍ය සහතික දැනට නිකුත් කෙරෙන්නේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ආයතනයෙන් පමණයි. එහි පවතින දැඩි තදබදය අවම කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණෙන්, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නව සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි, තීරණය කර ඇත්තේ.

    ඒ අනූව, බර වාහන බලපත්‍ර සඳහා වූ වෛද්‍ය සහිතක හැර, අනෙකුත් සියලුම් සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය සහතික ඉදිරි සති කිහිපයෙන් පසු රජයේ රෝහල් මගින් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව රජය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 12:52

    Latest News