දඹුල්ලේ මූල්‍ය සමාගමක් ජනතාවට පොලු තියයි

ජන 02, 2020

    දඹුල්ල නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කළ ගොවියන් ව්‍යාපාරිකයන් සහ විවිධ තරාතිරමේ පුද්ගලයන් මුදල් ආපසු ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

    එම පෞද්ගලික මූල්‍ය සමාගම ඉදිරිපිට සහ ඇතුළට පැමිණ මොවුන් විවිධ අරගල කරමින්න සිටන බව අප වාර්තාකරු පවසයි.

    ඇතැම් ගොවීන් ගෙවිලියන් මේ බව දඹුල්ල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ. එහෙත් මාස ගණනාවක සිට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ගණුදෙනු කරුවෝ පවසති. වසරේ පළමු වන දිනයේ  වු ඊයේ ගොවි ගෙවිලියන් පිරිසක් මෙම පෞද්ගලික මූල්‍ය සමාගමට ගොස් හඬා වැටෙමින්න සිට බව අප වාර්තාකරු කියා සිටි. මෙම මූල්‍ය ආයතන ඉදිරිපිට සිට රුපියල් ලක්ෂ 25 ක් සහ ලක්ෂ 30 ක් ආදී තැන්පත් කළ පිරිස් සිදුවූ අසාධාරණය කියමින් හඬා වැටි තිබේ. 

    එම මුල්‍ය සමාගමේ දඹුල්ල කාර්යාලයේ කළමනාකරුගෙන් අප වාර්තකරු විමසිමක් කර ඇත. එහිදී ඔහු කියා සිටියේ ඉහල නිලධාරීන්ගේ අවසරයකින් තොරව ජනමාධ්‍යවේදීන්ට තම කාර්යාලයට පැමිණීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි. තම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන බවත් ඒ නිසා තැන්පත් මුදල් භාර ගැනිම හෝ ගනුදෙනු කිරීම තාවකාලිකව නවතා තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටි.

    ඉන් පසු මහ බැංකුව මගින් නිකුත් කරන ලද දැන්වීම් ලිපියක් එහි දැන්වීම් පුවරුවේ සවි කරන ආකාරය දැක ගැනීමට අප වාර්තාකරුට හැකිව තිබේ.

    එම සේවක සේවිකාවන්ගේ රැකියා අනාරක්ෂිතව පවතින බව අප වාර්තාකරුට ප්‍රකාශ කර ඇත. 

    මෙම මූල්‍ය ආයතනයේ දිවයිනපුරා පිහිටි සියලු ශඛාවල ගනුදෙනු තාවකාලිකව නවතා තිබෙන බවත්, සේවකයන්ගේ ඇප තැන්පතු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව තිබෙන බවත් ඔවුහු සඳහන් කළහ.

    මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති මෙම මූල්‍ය සමාගම් ජනතාවගේ මුදල් ස්ථිර තැන්පතු ලෙස ලබාගෙන ඔවුන්ට අවශ්‍ය වෙලාවට මුදල් නොලැබීම නිසා දැඩි පීඩනයකට මුහුණ පා සිටිති.

    Latest News