රාජ්‍ය නිළධාරින්ගේ අහිමි දේශපාලන නිදහස දීමට ජනපති සහ අගමැති සුදානම් - ඇමති ජානක

නොවැ 30, 2019

    සමෘධි සංවර්ධන නිලධාරීන්ගේ, කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ පසුගිය රජය මගින් ඉවත් කෙරුණු දේශපාලන අයිතිය නැවතත් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව කැබිනට් අමාත්‍යධූරය ලබා ගැනීමෙන් පසු ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නියැළීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

    පළමු කැබිනට් රැස්වීමේදී මෙම දේශපාලන අයිතිවාසිකම් අහිමි වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව තමා වෙත දැනුම් දුන්නේ යැයි ඔහු කියා සිටියේය. මෙම රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන නිදහස ලබාදීම සඳහා ඉදිරියේ දී කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මා කටයුතු කරන බවද එය යුගයේ අවශ්‍යතාවක් බවත් ඔහු පෙන්වා දුනි. සෑම අයෙකුගේම දේශපාලන අයිතිවාසිකම් සුරකින රජයක් හැටියට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

    janakabandara1 px 900 19 11

    සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර අඹගස්වැවේ රාහුල නා හිමියන් ඇතුළු ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ ලෙන් විහාරය වැඳ පුදා ගත්තේය. එහිදී දඹුලු රජමහ ලෙන් විහාරයට වැඩම කළ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කළහ.

     

     

     

     

    Latest News