යුද්ධ හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ අරඹයි

ජන 02, 2020

    යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ අද රාජකාරී ආරම්භ කළේය.

    ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී. නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණ. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඡායනා කර නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට ආශිර්වාද පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 14:07

    Latest News