රටම Lockdown කිරීමට අදහසක් නැහෑ..යුද හමුදාපති

අප්‍රේ 29, 2021

    රටම වසා දැමීමට මේ දක්වා කිසිදු අදහසක් නොමැති බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

    සෞඛ්‍ය උපදෙස් පරිදි මේ වනවි⁣ට කොරෝනා වෛරසයේ පවතින ස්වභාවය අනුව ආසාදිතයින් වැඩිවීමක් ඇත්නම්, පෙර දැනුම් දීමකින් තොරව පොලිස් වසම් හෝ ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සීඝ්‍ර ලෙස වැඩිවෙමින් ඇති බැවින් ඊට ගැලපෙන පරිදි රෝහල්වල ධාරීතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

    මහජනතාවට වැරදි ප්‍රචාරයන්ට නොරැවටී කටයුතු කරන ලෙස ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    Latest News